Saturday, December 3, 2016

පිළිකාවන් හටගැනීමේදී සිරුරේ සිදුවිය හැකි වෙනස්කම් කිහිපයක්..

පිළිකාවන් හටගැනීමේදී සිරුරේ සිදුවිය හැකි වෙනස්කම් කිහිපයක්..


01. හුස්මගැනීමේ අපහසුතා ඇතිවීම පෙනහළු පිළිකාවන් ඇතිවීමේදී හටගන්නා මුලික ලක්ෂණයක් වේ.


02. පහසුවෙන් අසාදනයන්ට ගොදුරුවීම හා නිතරම උණ වැළදීම ලියුකේමියාව යන පිළිකා වර්ගය ඇතිවීමේදී හටගන්නා ප්‍රධාන ලක්ෂණයන් වේ.ලියුකේමියාව වැළඳුනු විට ඔබගේ ඇට මිදුළු තුල අසාමාන්‍ය ලෙස සුදු රුධිරාණු නිපදවන අතර එමගින් ඔබගේ සිරුරෙහි පවතින අසාදනයන්ට විරුද්ධව සටන් කිරීමට ඇති හැකියාව අඩපන කරයි.


03. බොහෝවිට උගුරේ පිළිකා ඇතිවීමේදී හා ඇතැම්විට පෙනහළු වල පිළිකා ඇතිවීමේදී සිරුරේ සිදුවන වෙනස්කමක් ලෙස ආහාර ගිලීමට අපහසුවීම දැක්විය හැක.


04. ඔබගේ සිරුර දුර්වලවීම හෝ ඉක්මනින් විඩාවට පත්වීම පිළිකා හටගැනීමේදී  දක්නට ලැබෙන පොදු ලක්ෂණයන් ලෙස දැක්විය හැක.


05. ඩිම්බ කෝෂයන්හි පිළිකා හටගැනීමේදී ඔබට කුසගිනි නොවීම,ආහාර ගැනීමට රුචියක් ඇති නොවීම වැනි ලක්ෂණ දැකිය හැකිවේ.


06. අග්නයාශයේ පිළිකා හටගැනීමේදී ඔබට කෝපි අප්ප්‍රිය වීම සිදුවිය හැක.


07. බෙල්ලේ,අත් යට,ඉකිලි වල ගෙඩි හටගැනීම වාසාවාහි පිළිකා හටගැනීමේදී ඇතිවියහැකි ලක්ෂනයන්වේ.


08. මළපහ කිරීමේදී රුධිරය පිටවීම මහා බඩවැල්හි පිළිකා හටගැනීමේදී ඇතිවන ලක්ෂණයක් ලෙස දැක්විය හැක.


09. උදරය ඉදිමීම හා අසාමාන්‍ය ලෙස මහත්වීම ඩිම්බකෝෂ පිළිකා හටගැනීමේදී ඇතිවන තවත් ලක්ෂණයක් වේ.


10. පිළිකා හටගැනීමේදී ඇතිවන තවත් පොදු ලක්ෂණයක් ලෙස සිරුරේ බර අසාමාන්‍ය ලෙස අඩුවීම දැක්වියහැක.


11. පපු ප්‍රදේශයේ ඉදිමීම් ඇතිවීම,වේදනාවන් ඇතිවීම,කුඩා ගැට ඇතිවීම හා තනපුඩු පැතලි වීම පියයුරු පිළිකා හටගැනීමේදී ඇතිවන ලක්ෂණ ලෙස දැක්වියහැක. 


12. පෙනහළු පිළිකා හටගැනීමේදී මුහුණ ඉදිමීම,රතුවීම වැනි ලක්ෂණද දක්නට හැකිවේ.


13. හම මතුපිට නොනවත්වා රුධිරය ගලනා වණයන් ඇතිවීම,කුඩා ගෙඩි හටගැනීම හා ඒවා සුවනොවිම සමෙහි පිළිකා හටගැනීමේදී ඇතිවන ලක්ෂණයන් වේ. 


14. නිය යට දුඹුරු හෝ කළු පැහැති තිත් හට ගැනීමද සමෙහි පිළිකා හටගැනිමේදී ඇතිවන ලක්ෂණයකි.


15. ඔපස්විමේදී අධික වේදනාවක් ඇතිවීම,ආවර්තය සිදුවන කාලසීමාව අතර මැද නැවතත් ඔපස්විම ගර්භාෂ පිළිකාවන්හි ලක්ෂණයන් ලෙස දැක්විය හැක.


1 comment: