Wednesday, December 7, 2016

අඟහරු ග්‍රහයා පිළිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...

අඟහරු ග්‍රහයා පිළිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...


01. 2022 වසරේ ආරම්ඹ කිරීමට සැලසුම් කොට ඇති  අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා මිනිසුන් 100,000ට වඩා ඉල්ලුම් කර ඇත. (පදිංචි වීමට)


02. අඟහරු ග්‍රහයා මතදී සඳ බැසයාම නිල් පාටින් දිස්වන බවට සඳහන්වේ.


03. අඟහරු ග්‍රහයා තුල වසරක් පෘතුවි දින 687 පමණ වේ.


04. අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් දෙවන උසම කන්ද පිහිටා ඇත්තේ අඟහරු ග්‍රහයා මත වන අතර එහි උස කිලෝමීටර 22ක් බවට සඳහන්වේ.


05. අඟහරු ග්‍රහයා රතු පැහැයට හුරු පැහැයකින් යුක්තවේ.එයට හේතුව මෙම ග්‍රහයා අයන් ඔක්සයිඩ වලින් වැසි තිබීමයි.


06. අඟහරු ග්‍රහයා මත සාමාන්‍යය (Average) උෂ්ණත්වය සෙල්සියස් අංශක  -63ක් පමණ වන බවට සඳහන්වේ. 


07. පෘතුවිය මත ඔබගේ බරට වඩා  අඟහරු ග්‍රහයා මතදී ඔබගේ බර 60%න් පමණ අඩුවේ.


08. මෙම ග්‍රහයා පෘතුවියේ විශාලත්වයෙන් අඩක් පමණ වේ.


09. අඟහරු ග්‍රහයා හට ධජයක් පවතින අතර එය NASA ඉංජිනේරුවන් විසින් නිර්මාණය කොට ඇත. 


10. අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇතිවන විශාලතම දුවිලි කුණාටු ඇතිවනුයේ අඟහරු ග්‍රහය මතය.මේවා මාස ගණනක් දීර්ඝ විය හැකි අතර ඒවාට සම්පුර්ණයෙන්ම වුවද අඟහරු ග්‍රහයා ආවරණය කිරීමට හැකියාවක් ඇත.


12. අප සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන කුඩාම ග්‍රහයා අඟහරුවේ.


13. වසර බිලියන 4ට පමණ පෙර මෙම ග්‍රහයා මත සාගරයක් පැවත ඇති බවට සඳහන්වේ.



No comments:

Post a Comment