Wednesday, November 30, 2016

දිළිඳුභාවය පිලිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...

දිළිඳුභාවය පිලිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...


01. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අනුව දිනකට ලොව පුර ළමුන් 22,000ක් පමණ දිළිඳුකම හේතුවෙන් මියයනු ලබයි.


02. ආසන්න වශයෙන් මිනිසුන් බිලියන 1ක් පමණ අද රාත්‍රියෙන් නින්දට යනුයේ කුසගින්නේය.



03. ලෝක ජනගහනයෙන් 80%ක් පමණම දිනකට ජීවත්වනුයේ ඩොලර් 10 වඩා අඩු මුදලකිනි.



04. ඔබ වසරකට ඇමරිකානු ඩොලර් 21,000ක් උපයනවානම් ඔබත් ලොව පොහොසත් මිනිසුන් අයත්වන 4% ට ඇතුලත්වේ.



05. චීනයේ වාසය කරනා මිනිසුන් අතරින්  මිනිසුන් මිලියන 100ක් පමණ දිනකට ජිවත් වනුයේ ඩොලර් 1ට වඩා අඩු මුදලකින් බව සඳහන්වේ.



06. චීනයේ මිනිසුන් මිලියන 35ට වඩා වැඩි පිරිසක් තවමත් ජිවත් වනුයේ ලෙන් තුලය.



07. ලොව දිළිඳු මිනිසුන් ජිවත් වන රටවල් අතරින්  ඉන්දියාව,බංගලාදේශය,නයිජීරියාව,කොංගෝ වැනි රාජ්‍යයන් තුල ඉතා දිළිඳු මිනිසුන් ජිවත්වන බවට සඳහන්වේ.



08. ඇමරිකාවේ දිළිඳු ජනයාගෙන් ප්‍රථම 5% ලොව අනෙකුත් රටවල වාසය කරන දිළිඳු මිනිසුන් 68%ක ප්‍රමාණය හා සසදනා විට ඔවුන්ට වඩා පොහොසත්වේ.





Monday, November 28, 2016

ලොව විශාලතම ගුවන් සමාගම් 10ක්..

ලොව විශාලතම ගුවන් සමාගම් 10ක්..


10. China Eastern Airlines.
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 14.69
  • සමාගම ආරම්භ කල රට - චීනය 
  • සමාගම ආරම්භ කල වර්ෂය - 1988
  • මුළු සේවක සංඛ්‍යාව - 68,874

09. China Southern Airlines.
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 16.99
  • සමාගම ආරම්භ කල රට - චීනය 
  • සමාගම ආරම්භ කල වර්ෂය - 1988
  • මුළු සේවක සංඛ්‍යාව - 90,000

08. Southwest Airlines.
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 18.61
  • සමාගම ආරම්භ කල රට - ඇමරිකාව 
  • සමාගම ආරම්භ කල වර්ෂය - 1967
  • මුළු සේවක සංඛ්‍යාව - 47,000

07. International Airlines Group.
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 21.46
  • සමාගම ආරම්භ කල රට - එංගලන්තය හා  ස්පාඤ්ඤය
  • සමාගම ආරම්භ කල වර්ෂය - 2011
  • මුළු සේවක සංඛ්‍යාව - 59,484

06. Emirates Group. 
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 26.24
  • සමාගම ආරම්භ කල රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය 
  • සමාගම ආරම්භ කල වර්ෂය - 1985
  • මුළු සේවක සංඛ්‍යාව - 84,153

05. Air France - KLM.
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 26.5
  • සමාගම ආරම්භ කල රට - ප්‍රංශය හා නෙදර්ලන්තය 
  • සමාගම ආරම්භ කල වර්ෂය - 2004
  • මුළු සේවක සංඛ්‍යාව -96,000

04. Lufthansa Group.
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 31.9
  • සමාගම ආරම්භ කල රට - ජර්මනිය 
  • සමාගම ආරම්භ කල වර්ෂය - 1953
  • මුළු සේවක සංඛ්‍යාව - 118,781

03. United Continental Holdings.
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 38.9
  • සමාගම ආරම්භ කල රට - ඇමරිකාව 
  • සමාගම ආරම්භ කල වර්ෂය - 2010
  • මුළු සේවක සංඛ්‍යාව - 84,000

02. Delta.
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 40.36
  • සමාගම ආරම්භ කල රට - ඇමරිකාව 
  • සමාගම ආරම්භ කල වර්ෂය - 1928
  • මුළු සේවක සංඛ්‍යාව - 80,000

01. American Airlines Group.
  • මුළු ආදායම (2014) -  ඩොලර් බිලියන 42.65
  • සමාගම ආරම්භ කල රට - ඇමරිකාව 
  • සමාගම ආරම්භ කල වර්ෂය - 1930
  • මුළු සේවක සංඛ්‍යාව - 113,300









Saturday, November 26, 2016

අන්තර්ජාලය හරහා ප්‍රථමයෙන්ම සිදුවූ දේවල් කිහිපයක්...

අන්තර්ජාලය හරහා ප්‍රථමයෙන්ම සිදුවූ දේවල් කිහිපයක්...(1 කොටස)


01. ප්‍රථම ටුවිටර් පණිවිඩය.


ටුවිටර් සමාජ ජාලයේ සම නිර්මාතෘවරයෙකු වන Jack Dorsey විසින් 2006 මාර්තු 21වන දින ලොව ප්‍රථම ටුවිටර් පණිවිඩය නිකුත් කොට ඇත.

02. ප්‍රථම YouTube වීඩියෝව.


"Me at the zoo" යන ප්‍රථම YouTube වීඩියෝව 2005 වසරේ අප්‍රියෙල් 23වන දින YouTube සම නිර්මාතෘවරයකු වන Jawed Karim විසින් අන්තර්ජාලයට නිකුත්කොට ඇත.

03. World Wide Web (WWW ) වෙත නිකුත් කල ප්‍රථම ඡායාරුපය.


04. Instagram හරහා පළවූ ප්‍රථම ඡායාරූපය.


Instagram හි සම නිර්මාතෘවරයකු වන Kevin Systrom විසින් 2010 වසරේ ජුලි මස මෙම ඡායාරුපය අන්තර්ජාලයට නිකුත්කොට ඇත.

05.  ප්‍රථම වෙබ් පිටුව.


06. eBay හරහා අලෙවිවු ප්‍රථම භාණ්ඩය.


1995 වසරේදී කැඩුණු ලේසර් පොයින්ටර් එකතු කරන්නෙකු විසින් ඩොලර් 14.83ක මුදලකට මෙම ලේසර් පොයින්ටරය මිලදීගෙන ඇත.

07. Amazon හරහා අලෙවි වූ ප්‍රථම භාණ්ඩය.


1995  අප්‍රියෙල් 3වන දින  Jhon Wainwright විසින් Hofstadter's Fluid concepts and Creative Analogies යන ග්‍රන්ථයේ පිටපතක් Amazon හරහා මිලදීගෙන ඇත.(මුල් යුගයේ Amazon හරහා අලෙවි කර ඇත්තේ ග්‍රන්ථ පමණි.)

08. ප්‍රථම සජීවී වෙබ් කැමරාව.


Wednesday, November 23, 2016

ඇමසන් වනාන්තරය පිළිබද ඔබ නොදත් කරුණු කිහිපයක්..

ඇමසන් වනාන්තරය පිළිබද ඔබ නොදත් කරුණු කිහිපයක්..

01. ලෝක ඔක්සිජන් ප්‍රමාණයෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ඇමසන් වනාන්තරය දායක වන බවට සඳහන්වේ.


02. පසුගිය වසර 40 තුල ඇමසන් වනාන්තරයෙන් 20%ට වඩා වැඩි ප්‍රමණයක් කපා දමා  ඇත.


03. ඇමසන් වනාන්තරය වර්ග කිලෝමීටර 5,500,000ක පමණ විශාලත්වයකින් යුක්තවේ.


04. වසර 11 200ට පමණ ප්‍රථම මෙම වනාන්තරය තුල මානව වාසස්ථාන පැවත ඇති බවට සාධක හමුවී ඇත.


05. ඇමසන් වනාන්තරය අවම වශයෙන් වසර මිලියන 55ක පමණ සිට පවතින බවට විශ්වාසකෙරේ.


06. ඇමසන් ගංගාව හරහා කිසිදු පාලමක් ඉදිකොට නොමැත.


07. වරක් ඇමසන් ගංගාව විරුද්ධ දිශාවට උතුරා ඇත.ඒ නැගෙනහිර සිට බටහිර දෙසටයි.


08. මෙම වනාන්තරය තුල බිලියන 400ක පමණ ශාක ඇති බවට සඳහන්වේ.


09. ඇමසන් වනාන්තරය බ්‍රසීලය,පේරු,කොලොම්බියාව,වෙනිසියුලාව,ඉක්වදෝරය,බොලිවියාව,ගයානාව,ප්‍රංශ ගිනීයාව හා සුරිනාමය යන රටවල් වලට අයත්වේ.



10. 2008 වසරේදී නොර්වේ රාජ්‍ය විසින් ඩොලර් බිලියන 1ක මුදලක්  ඇමසන් වනාන්තර සංරක්ෂණය සඳහා පරිත්‍යාගකොට ඇත.



11. ඇමසන් වනාන්තරය කෘමින් විශේෂ මිලියන 2.5ට පමණ වාසස්ථානයක් වේ.


12. මෙම වනාන්තරය තුල අසන්න වශයෙන් ශාක විශේෂ 40 000ක්,මත්ස්‍ය විශේෂ 2200ක්,කුරුළු විශේෂ 1200ක්,ක්ෂීරපායින් විශේෂ 420ක්,උභයජීවී විශේෂ 420ක්,හා උරග විශේෂ 370ක් පමණ සිටිනා බවට විද්‍යාත්මකව වර්ගීකරණය කොට ඇත.




Tuesday, November 22, 2016

වයින් හා බැදුණු ඔබ නොදත් කරුණු 6ක්....

වයින් හා බැදුණු ඔබ නොදත් කරුණු 6ක්....


01. ලොව වයින් පිළිබද හමුවන පැරණිතම සාක්ෂිය වනුයේ මීට වසර 8000ට පමණ පෙර ජෝර්ජියාවෙන් හමුවූ වයින් බදුන් කිහිපයකි.


02. ඇමරිකාව තුල නිපදවන වයින් ප්‍රමාණයෙන් 90%ක් පමණ නිපදවනුයේ කැලිෆෝනියා ප්‍රාන්තය තුලදීය.


03. ලොව වැඩි වශයෙන් වයින් පානය කරනා රටවල් අතරින් ඉදිරියෙන් සිටිනුයේ ඇමරිකාවයි.


04. ලොව හොඳම වයින් නිෂ්පාදකයන් ලෙස  ප්‍රංශය හා ඉතාලිය හැදින්විය හැක.


05. ලොව මුළු වයින් නිෂ්පාදනයෙන් සියයට 65ක් පමණම සිදුකරනුයේ යුරෝපය තුලදීය.


06. ONEHOPE California Sauvignon,Chocolate Shop Red Wine,Veuve Clicquot Brut වැනි වයින් විශේෂ ලොව වැඩියෙන්ම අලෙවි වන වයින් වර්ග ලෙස දැක්විය හැක.



Monday, November 21, 2016

ලොව විශාලතම තෙල් හා ගෑස් සමාගම් 10ක්.....

ලොව විශාලතම තෙල් හා ගෑස් සමාගම් 10ක්.....


1. Sinopec




  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 437.6
  • සමාගම ආරම්භ කල රට - චීනය
  • සමාගම ආරම්භ කල වසර - 2000
  • සේවකයන් ප්‍රමාණය - 358,571

02. China National Petroleum Corp. (Petrochina)



  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 432 
  • සමාගම ආරම්භ කල රට - චීනය
  • සමාගම ආරම්භ කල වසර - 1988
  • සේවකයන් ප්‍රමාණය - 1,636,532

3. Royal Dutch Shell


  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 421.1 
  • සමාගම ආරම්භ කල රට - එක්සත් රාජධානිය/නෙදර්ලන්තය 
  • සමාගම ආරම්භ කල වසර - 1907
  • සේවකයන් ප්‍රමාණය - 94,000

4. Exxonmobil 



  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 411.94 
  • සමාගම ආරම්භ කල රට - ඇමරිකාව 
  • සමාගම ආරම්භ කල වසර - 1999
  • සේවකයන් ප්‍රමාණය - 75,300

5. Saudi Arabian Oil Company (Aramco)



  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 378
  • සමාගම ආරම්භ කල රට - සවුදි අරාබිය  
  • සමාගම ආරම්භ කල වසර - 1933
  • සේවකයන් ප්‍රමාණය - 61,907

6. BP


  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 358.7
  • සමාගම ආරම්භ කල රට - එක්සත් රාජධානිය   
  • සමාගම ආරම්භ කල වසර - 1909
  • සේවකයන් ප්‍රමාණය - 84,500

7. Kuwait Petroleum Corp 



  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන  252
  • සමාගම ආරම්භ කල රට - කුවේට්    
  • සමාගම ආරම්භ කල වසර - 1980
  • සේවකයන් ප්‍රමාණය - 22,000

8. Total S.A.



  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 236.1
  • සමාගම ආරම්භ කල රට - ප්‍රංශය     
  • සමාගම ආරම්භ කල වසර - 1924
  • සේවකයන් ප්‍රමාණය - 100,307

9. Chevron Corporation


  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 211.97
  • සමාගම ආරම්භ කල රට - ඇමරිකාව     
  • සමාගම ආරම්භ කල වසර - 1879
  • සේවකයන් ප්‍රමාණය - 64,700

10. OJSC Lukoil



  • මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 144.17
  • සමාගම ආරම්භ කල රට - රුසියාව     
  • සමාගම ආරම්භ කල වසර - 1991
  • සේවකයන් ප්‍රමාණය - 150,000