Thursday, November 17, 2016

AK-47 අවිය පිළිබද ඔබ නොදත් කරුණු 13ක්...

AK-47 අවිය පිළිබද ඔබ නොදත් කරුණු 13ක්... 


01. AK- 47 අවිය නිෂ්පාදනය කොට ඇත්තේ 1946 වසරේදීය.එනම් දෙවන ලෝක යුද්ධය අවසන්ව වසරකට පසුවය.


02. මෙම අවිය සෝවියට් රුසියානු හමුදා සඳහා මුල්වරට ලබාදී ඇත්තේ 1949 වසරේදීය.


03. AK- 47 අවිය නිපදවා ඇත්තේ ලුතිනන් ජෙනරාල් Mikhail Timofeyevich Kalashnikov විසිනි.


04. වර්තමානය වනවිට විවිධ මාදිලියේ AK- 47 අවි දක්නට ලැබුනද මේ සියල්ලේම curved 30-round magazineයක් දක්නට ලැබේ.


05. නුතන AK- 47 අවිය සඳහා ග්‍රෑනේඩ් දියත්කරනයක් සවිකල හැකිවේ. 


06. AK- 47 අවිය මගින් මීටර 300ක පමණ දුරකට වෙඩි තැබිය හැකිවන අතර දක්ෂ තුවක්කුකරුවකුට මෙම දුර මීටර 800ක් දක්වා 
පමණ වර්ධනය කරගැනීමට හැකිවන බවට සඳහන්වේ.


07. ලොව වැඩිපුරම  නිත්‍යානුකූල නොවන ලෙස අලෙවි වන ප්‍රහාරක රයිෆලය වනුයේද AK - 47යි.


08. AK - 47 අවියක සේවා කාලය වට 6000ත් 15 000ත් අතර අගයක් ගනී.


09. AK - 47 රයිෆලය හා තරඟවදින හොඳම අවිය වන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත M4 Carbine අවියයි.


10.2000 වසර වනවිට මෙම අවියේ සාමාන්‍ය මිල (Average price)  ඇමරිකානු ඩොලර් 559ක් පමණ වී ඇති අතර 2005 වසර වනවිට කළු වෙළඳපොලේ මෙම අවිය අලෙවි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 534ක පමණ වටිනාකමකටය.


11. අද වනවිට ලොව පුරා නිත්‍යානුකූල AK - 47 අවි මිලියන 75ක් පමණ භාවිතාවේ.


12. අද වනවිට ලොව සැහැල්ලුම රයිෆලය  බවට පත්ව ඇත්තේ AK -47 අවියේ AKM සංස්කරණයයි.


13. ඕනෑම පරිසර තත්වයක් යටතේ වුවද ක්‍රියාත්මක කලහැකිවිම මෙම රයිෆලය සතු විශේෂත්වයකි.




5 comments: