Wednesday, November 16, 2016

යුරේනස් ග්‍රහයා පිළිබද ඔබ නොදත් කරුණු 11ක්.....

යුරේනස් ග්‍රහයා පිළිබද ඔබ නොදත් කරුණු 11ක්.....


01. ප්‍රථමයෙන් යුරේනස් ග්‍රහයා හඳුන්වා ඇත්තේ "George's star" (ජෝර්ජ්ගේ තරුව) ලෙසය.


02. යුරේනස් ග්‍රහයා තුල ග්‍රීෂ්ම සෘතුව පෘතුවි වර්ෂයන්ගෙන් වසර 42ක් පමණ දීර්ඝ වේ.




03. අප සෞරග්‍රහ මණ්ඩලයේ සීතලම වායුගෝලය පවතිනුයේ යුරේනස් ග්‍රහයා තුලය.එහි අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -224ක් පමණ වේ.


04. යුරේනස් තුල පෘතුවිය ප්‍රමාණයේ ග්‍රහයන් 63ක් පමණ පිරවිය හැකි බවට සඳහන් වේ.


05. අප සෞරග්‍රහ මණ්ඩලයේ තෙවෙනි විශාලතම ග්‍රහයා වනුයේ යුරේනස්ය.


06. යුරේනස් කිලෝමීටර බිලියන 2.8ක පමණ දුරකින් සුර්යා වටා භ්‍රමණය වන අතර යුරේනස් හට සුර්යා වටා එක්  වටයක් භ්‍රමණය වීම සඳහා පෘතුවි වර්ෂයන්ගෙන් වසර 84ක් පමණ ගතවේ.


07. ටෙලස්කෝප් යන්ත්‍රයකින් අධ්‍යනය කල ප්‍රථම ග්‍රහයා යුරේනස් වේ.


08. යුරේනස් තුල සුළගේ වේගය පැයට කිලෝමීටර 900ය පමණ දක්වා වර්ධනය විය හැකි බවට සඳහන්වේ.


09. යුරේනස් සතුව ග්‍රීෂ්ම හා ශිත ලෙස සෘතුන් 2ක් පවතී.


10. බ්‍රහස්පති ග්‍රහයා සතුව චන්ද්‍රයන් 67ක්,සෙනසුරු ග්‍රහයා සතුව චන්ද්‍රයන් 26ක්,යුරේනස් සතුව චන්ද්‍රයන් 27ක්,නෙප්චුන් සතුව චන්ද්‍රයන් 14ක්,අඟහරු සතුව චන්ද්‍රයන් 2ක් හා පෘතුවිය සතුව 1ක් චන්ද්‍රයෙක් පවතී.


11. සිකුරු,සෙනසුරු,යුරේනස්,නෙප්චුන් යන ග්‍රහයන්ගේ පෘෂ්ඨිය ගුරුත්වාකර්ෂණ බොහෝවිට එකිනෙකට සමාන අගයන්ගෙන් යුක්තවේ.


2 comments: