Wednesday, November 23, 2016

ඇමසන් වනාන්තරය පිළිබද ඔබ නොදත් කරුණු කිහිපයක්..

ඇමසන් වනාන්තරය පිළිබද ඔබ නොදත් කරුණු කිහිපයක්..

01. ලෝක ඔක්සිජන් ප්‍රමාණයෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ඇමසන් වනාන්තරය දායක වන බවට සඳහන්වේ.


02. පසුගිය වසර 40 තුල ඇමසන් වනාන්තරයෙන් 20%ට වඩා වැඩි ප්‍රමණයක් කපා දමා  ඇත.


03. ඇමසන් වනාන්තරය වර්ග කිලෝමීටර 5,500,000ක පමණ විශාලත්වයකින් යුක්තවේ.


04. වසර 11 200ට පමණ ප්‍රථම මෙම වනාන්තරය තුල මානව වාසස්ථාන පැවත ඇති බවට සාධක හමුවී ඇත.


05. ඇමසන් වනාන්තරය අවම වශයෙන් වසර මිලියන 55ක පමණ සිට පවතින බවට විශ්වාසකෙරේ.


06. ඇමසන් ගංගාව හරහා කිසිදු පාලමක් ඉදිකොට නොමැත.


07. වරක් ඇමසන් ගංගාව විරුද්ධ දිශාවට උතුරා ඇත.ඒ නැගෙනහිර සිට බටහිර දෙසටයි.


08. මෙම වනාන්තරය තුල බිලියන 400ක පමණ ශාක ඇති බවට සඳහන්වේ.


09. ඇමසන් වනාන්තරය බ්‍රසීලය,පේරු,කොලොම්බියාව,වෙනිසියුලාව,ඉක්වදෝරය,බොලිවියාව,ගයානාව,ප්‍රංශ ගිනීයාව හා සුරිනාමය යන රටවල් වලට අයත්වේ.



10. 2008 වසරේදී නොර්වේ රාජ්‍ය විසින් ඩොලර් බිලියන 1ක මුදලක්  ඇමසන් වනාන්තර සංරක්ෂණය සඳහා පරිත්‍යාගකොට ඇත.



11. ඇමසන් වනාන්තරය කෘමින් විශේෂ මිලියන 2.5ට පමණ වාසස්ථානයක් වේ.


12. මෙම වනාන්තරය තුල අසන්න වශයෙන් ශාක විශේෂ 40 000ක්,මත්ස්‍ය විශේෂ 2200ක්,කුරුළු විශේෂ 1200ක්,ක්ෂීරපායින් විශේෂ 420ක්,උභයජීවී විශේෂ 420ක්,හා උරග විශේෂ 370ක් පමණ සිටිනා බවට විද්‍යාත්මකව වර්ගීකරණය කොට ඇත.




No comments:

Post a Comment