Wednesday, November 30, 2016

දිළිඳුභාවය පිලිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...

දිළිඳුභාවය පිලිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...


01. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අනුව දිනකට ලොව පුර ළමුන් 22,000ක් පමණ දිළිඳුකම හේතුවෙන් මියයනු ලබයි.


02. ආසන්න වශයෙන් මිනිසුන් බිලියන 1ක් පමණ අද රාත්‍රියෙන් නින්දට යනුයේ කුසගින්නේය.



03. ලෝක ජනගහනයෙන් 80%ක් පමණම දිනකට ජීවත්වනුයේ ඩොලර් 10 වඩා අඩු මුදලකිනි.



04. ඔබ වසරකට ඇමරිකානු ඩොලර් 21,000ක් උපයනවානම් ඔබත් ලොව පොහොසත් මිනිසුන් අයත්වන 4% ට ඇතුලත්වේ.



05. චීනයේ වාසය කරනා මිනිසුන් අතරින්  මිනිසුන් මිලියන 100ක් පමණ දිනකට ජිවත් වනුයේ ඩොලර් 1ට වඩා අඩු මුදලකින් බව සඳහන්වේ.



06. චීනයේ මිනිසුන් මිලියන 35ට වඩා වැඩි පිරිසක් තවමත් ජිවත් වනුයේ ලෙන් තුලය.



07. ලොව දිළිඳු මිනිසුන් ජිවත් වන රටවල් අතරින්  ඉන්දියාව,බංගලාදේශය,නයිජීරියාව,කොංගෝ වැනි රාජ්‍යයන් තුල ඉතා දිළිඳු මිනිසුන් ජිවත්වන බවට සඳහන්වේ.



08. ඇමරිකාවේ දිළිඳු ජනයාගෙන් ප්‍රථම 5% ලොව අනෙකුත් රටවල වාසය කරන දිළිඳු මිනිසුන් 68%ක ප්‍රමාණය හා සසදනා විට ඔවුන්ට වඩා පොහොසත්වේ.





No comments:

Post a Comment