Sunday, November 20, 2016

ඩොල්ෆින් මාළුවන් පිළිබද ඔබ නොදත් කරුණු 12ක්....

ඩොල්ෆින් මාළුවන් පිළිබද ඔබ නොදත් කරුණු 12ක්....


01.ඩොල්ෆින් මාළුවන් හට සිය රූපය කණ්නාඩියකින් දිස්වුවහොත් එය හඳුනාගැනීමේ හැකියාව ඇත.


02. මේ වනවිට ඩොල්ෆින් මාළු විශේෂ 40ක් පමණ හඳුනාගෙන ඇත.


03. අනෙකුත් සතුන් හා සසදන විට මෙම මාළුවන් හට දීර්ඝ මතකයක් ඇත.


04. ඇමරිකානු නාවික හමුදාව සතුව පුහුණු කල ඩොල්ෆින් මාළුවන් 75ක් පමණ සිටිනා අතර මෙම මාළුන් හතුරු පිහිනුම් කරුවන් හඳුනාගැනීම වැනි කටයුතු සඳහා යොදාගන්නා බවට සදහන්වේ.


05. ඩොල්ෆින් මාළුවකුගේ සාමාන්‍යය ආයුකාලය  වසර 15ක් පමණ වන නමුත් සමහර මාළුවන් වසර 50ක් පමණ ජීවත්වේ.


06. ඩොල්ෆින් මාළුවන් නිදාගන්නේ එක ඇසක් පමණක් වසාගෙනය.


07. ඩොල්ෆින් මාළුවන් හා තල්මසුන් ඉපදෙන විට හිස වෙනුවට මුලින්ම පිටතට පැමිණෙනුයේ වල්ගයයි.


08. ඔළු දෙකක ඩොල්ෆින් මාළුවෙකු 2014 වසරේදී තුර්කියේ වෙරළ තිරයකින් හමුවී ඇත.


09. Killer Whale යන (තල්මස් ඝාතකයා) මත්ස්‍ය විශේෂය අයිති වනුයේ තල්මස් පවුලට නොවන අතර ඔවුන් අයිති වනුයේ ඩොල්ෆින් පවුලටය.


10. ජපානයේදී හා පේරු රාජ්‍යයේදී ඩොල්ෆින් මස් අනුභව කරයි.


11. ඇතම් විට ඇලි භාවයට පත්වූ ඩොල්ෆින් මළුවන්ද දක්නට ලැබේ.


12.ඩොල්ෆින් මාළුවන් හා තල්මසුන් සතුට ප්‍රකාශ කිරීමට කෑගැසීම සිදුකරයි.




No comments:

Post a Comment