Tuesday, November 15, 2016

ලොව පුරා සිදුවන මානව ජාවාරම් හා බැඳුණු කරුණු දහයක්...

ලොව පුරා සිදුවන මානව ජාවාරම් හා බැඳුණු කරුණු දහයක්...



01. ලොව පුරා මානව ජාවාරම්කරුවන් විසින් සිය ජාවාරම් සඳහා ගොදුරුකර ගන්නා මිනිසුන් අතරින් 70%ත් 80%ත් අතර ප්‍රමාණයක් යොදවනුයේ ලිංගිකත්වය ආශ්‍රිත ක්‍රියාකාරකම් (ගණිකා සේවය වැනි) සඳහාය.



02. ලිංගික ජාවාරම් දිනෙන් දින ඉහළයාම HIV වැනි වෛරස ව්‍යාප්ත වීමට ප්‍රධානතම සාධකයක් වී ඇත.


03. අතීතයේ සිටි මානව වහළුන් ප්‍රමාණයට සාපේක්ෂව වර්තමානයේ වැඩි මානව වහළුන් ප්‍රමාණයක් දක්නට ලැබෙනා බව සමීක්ෂණයකි හෙළි වී ඇත.



04. ඇස්තමේන්තු ගතකොට ඇති අයුරට ලොව පුරා වැඩිහිටියන් මිලියන 27ක් හා කුඩා දරුවන් මිලියන 13ක් පමණ වහල් සේවයෙහි යොදවා ඇත.


05. මනව් ජාවාරම් තුලදී ලිංගික වහළුන් ,කම්කරුවන් ලෙස මෙන්ම විවිධ සැත්කම් සිදුකිරීම සඳහා ශාරීරික අංග ලබාගැනීමටද මිනිසුන් බලහත්කාරයෙන් යොදවා ගැනීම සිදුකරයි.



06. ලොව පුරා ලිංගික වහළුන් ලෙස යොදාගන්නා මිනිසුන් අතරින් 30 000සක පමණ මිනිසුන් ප්‍රමාණයක් වසරකට මියයනු ලැබේ.ඒ විවිධ ලිංගික රෝග වැළඳීම,අධික වධ හිංසා වලට භාජනය වීම හා සියදිවි හානි කරගැනීම නිසාය.



07. මානව ජාවාරම් සඳහා ගොදුරුවන්නන් අතරින් 80%ක් පමණම කාන්තාවන් වේ.


08. ඇමරිකාව තුල වැඩි වශයෙන් මානව ජාවාරම් සිදුවන ප්‍රාන්ත ලෙස නිව්යෝර්ක්,කැලිෆෝර්නියා හා ෆ්ලොරිඩා ප්‍රාන්ත නම් කොට ඇත.


09.රුසියාව,යුක්රේනය,අල්බිනියාව,බල්ගේරියාව,ලිතුවේනියාව,රුමේනියාව,චීනය,නයිජීරියාව,තායිලන්තය යන රටවල් තුලදී මිනිසුන් වැඩි වශයෙන් මානව ජාවාරම්කරුවන්ග්ව් ගොදුරු බවට පත්වන බවට සඳහන්වේ.


10.බෙල්ජියම,ජර්මනිය,ග්‍රිසිය,ඉතාලිය,ජපානය,නෙදර්ලන්තය,තායිලන්තය,තුර්කිය,ඇමරිකාව මානව ජාවාරම්කරුවන්ගේ හොඳම ව්‍යාපාරික ගමනාන්ත ලෙස නම්කොට ඇත.


No comments:

Post a Comment